You are using an outdated browser. For a faster, safer browsing experience, upgrade for free today.

Sponsored

Sponsored Mini Advertiesment

කොවිඩ්-19 කාලය තුළ ඔබේ මංගල උත්සවය සැලසුම් කිරීම සඳහා මාර්ගෝපදේශ කිහිපයක්

ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය සමග විවාහ ගිවිස ගැනීමට වසංගත තත්වය සමනය වෙන තුරු බලා සිටින්නට වේ යැයි ඔබ දුකින් පසුවනවාද? දුක්වන්නට අවශ්‍ය නැත! කොවිඩ් වසංගතය අතරතුර ඔබේ විවාහ උත්සවය සැලසුම් කරන්නේ කෙසේද යන්න පිළිබඳව ප්‍රයෝජනවත් උපදෙස් කිහිපයක් මෙන්න.


1. මංගල උත්සව සඳහා ඇති රජයේ සෞඛ්‍ය රෙගුලාසි ගැන සොයා දැනගන්න.

  • මංගල උත්සව තාවකාලිකව තහනම් කර තිබේද?
  • අවසර දී ඇති උපරිම අමුත්තන් සංඛ්‍යාව කීයද?

ඔබේ සමීපතම පවුලට සහ මිතුරන්ට පමණක් ආරාධනා කිරීම වඩාත් සුදුසුය. අමුත්තන් සංඛ්‍යාව සීමා කිරීමෙන් ඔබට කොවිඩ් සෞඛ්‍ය රෙගුලාසි වලට අනුකූලව ඔබේ මංගල උත්සවය පැවැත්වීම පහසු වනු ඇත. වෛරසය පැතිරීමේ අවදානම අවම කිරීමටද එය උපකාරී වේ. (රෝගයට ගොදුරු වීමට වැඩි අවදානමක් ඇති ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සහභාගී කර නොගෙන සිටීම ගැන සලකා බලන්න. ඔබේ මිත්තණිය නම් කිසිසේත් එයට එකඟ නොවනු ඇත! නමුත් ඇය හෝ වයස අවුරුදු 60 ට වැඩි වෙනත් අය හෝ ඔබේ විවාහ උත්සවයට සහභාගී වන්නේ නම් ආරක්ෂාව ගැන අමතර සැලකිල්ලක් දක්වන්නේ කෙසේද යන්න ගැන කතාබස් කරගැනීමත් වැදගත්).


2. ඔබේ මංගල උත්සවය පිළිබඳව අලුත් ඇසකින් බලන්න.

ශ්‍රී ලංකාවේ මංගල උත්සව අද්විතීයයි. පෝරුව චාරිත්‍ර වේවා, පල්ලියේ උත්සවය වේවා, මෙම සුවිශේෂී දවස සැමරීම සඳහා අපට අපේම වූ අපූරු ශෛලියක් තිබේ. එබැවින් ඔබේ මංගල උත්සව කටයුතු සූදානම් කිරීමට ප්‍රථම, සාමාන්‍යයෙන් විවාහ මංගල්‍යයක ආරම්භයේ සිට අවසානය දක්වා පුද්ගලයින් සමීප ලෙස ඇසුරු කරන සියලු අවස්ථා ගැන සිතා බලන්න.


  • පෝරුව චාරිත්‍ර - විශේෂයෙන් පෝරුව චාරිත්‍ර සිදුවන අවස්ථාවේදී ඔබේ සමීප මිතුරන් සහ පවුලේ සියලු දෙනාම පෝරුව වටා රොක් වන්නේ මේ සොඳුරු සම්ප්‍රදායයේ සහ ඒ විචිත්‍රවත් මොහොතෙහි කොටස්කරුවන් ලෙසටය. පෝරුව මදක් උස් වූ වේදිකාවක් මත තැනීමෙන් එය වටා රොක් නොවී සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් මංගල යුවළ දුර සිට දැක ගැනීමට ඔබේ ආදරණීයයන්ට හැකි වනු ඇත. එසේත් නැත්නම්, ඉඩ පහසුකම් තිබෙන පරිදි, සමාජ දුරස්ථභාවය පිළිබඳ මාර්ගෝපදේශයන්ට අනුකූලව ආසන සකස් කිරීමට ද හැක.
  • ඡායාරූප ගැනීම - මංගල යුවළ සාමාන්‍යයෙන් පැමිණ සිටින සෑම පවුලක්/කණ්ඩායමක් සමඟම ඡායාරූප ගැනීම සාමාන්‍ය සිරිතයි. සතුටු සාමීචිය සමග සිදුවන මෙම කටයුත්තට සාමාන්‍යයෙන් දිගු වෙලාවක් ගත වන්නේ වුවද පවතින තත්වය යටතේ ඔබ ඒ සඳහා වැඩි වෙලාවක් ගත නොකර හැකි ඉක්මනින් සිදු කළ යුත්තේ අමුත්තන් සමග සිදුවන ඒ සමීප ගනුදෙනුව අවම කිරීම සඳහාය.
  • ආහාර ගැනීම - සාමාන්‍යයෙන් මංගල උත්සවයක රස අහාර පිරි බුෆේ මේසයට ඇති පෝලිම යනු එකිනෙකා තෙරෙපෙන තරමට පිරිස් බහුලව ගැවසෙන තැනකි. මෙයද වෙනසකට ලක් කිරීමට සිදු වනු ඇත. යමෙකුට බුෆේ පෝලිම් අධීක්ෂණය කිරීමට සිදු වනු ඇති අතර ඕනෑම මොහොතක සීමිත පිරිසකට පමණක් බුෆේ පෝලිමේ සිටීමට ඉඩ දීමෙන් සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට හැකි වනු ඇත.
  • නැටුම් වේදිකාව (ඩාන්ස් ෆ්ලෝ) - ශ්‍රී ලාංකිකයන් මංගල උත්සව වල නටා ගයා සතුටු වන්න බොහෝ සේ ප්‍රිය කරති. බයිලා වාදනයෙන් අවසන් නොවන මංගල උත්සවයක් නොමැති තරම්ය! නමුත්, මෙවර ඔබට කණගාටුවෙන් වුවත් ඩාන්ස් ෆ්ලෝ එක නොමැතිව ඔබේ මංගල උත්සවය පැවත්වීමට සිදු වනු ඇත. ඒ වෙනුවට අසුන් ගෙන සිටින තැන සිටම නටන්නට ඔබේ අමුත්තන්ව දිරිමත් කළ හැක.
  • • සිප වැළඳගැනීම් - දුකට කරුණක් වුවද, කිසිදු ලෙසක වැළඳගැනීම් හෝ සිපගැනීම් නොමැති ප්‍රතිපත්තියක් නොලිහිල්ව පවත්වා ගැනීමට ඔබට සිදු වනු ඇත! ඒ වෙනුවට දෑත් එක් කොට ආයුබෝවන් කියා එකිනෙකා පිළිගැනීම වඩාත් සෞඛ්‍යාරක්ෂිතය.

3. සෑමවිටම උපරිම සෞඛ්‍යාරක්ෂිත බව පවත්වාගන්න.

  • මංගල උත්සවයේ ආසන සැකසීම සමාජ දුරස්ථභාවයට අනුකූල වන බවට වග බලා ගන්න. මේස සහ පුටු අතර ප්‍රමාණවත් ඉඩක් තබාගන්න.
  • හැකියාවක් තිබේ නම් එළිමහන් මංගල උත්සවයක් පවත්වන්න. මුහුදු වෙරළ හෝ උද්‍යාන මංගල උත්සව යන විකල්පයන් සලකා බලන්න. හොඳින් ඉඩකඩ සහ වාතාශ්‍රය ඇති එළිමහන් ස්ථානවල වෛරසය පැතිරීමේ අවදානම වායුසමීකරණය කළ ශාලාවකට සාපේක්ෂව අඩු ය.
  • සෑම මේසයක් මතම සහ වෙනත් අවශ්‍ය ඕනෑම තැනක හෑන්ඩ් සැනිටයිසර් තබා තියන්න. ප්‍රමාණවත් තරම් අත් සේදීමේ මධ්‍යස්ථාන සවි කරන්න.
  • වැසිකිළි පහසුකම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්න. එක් අවස්ථාවකදී ඇතුළට යාමට අවසර ඇති උපරිම පුද්ගලයින් සංඛ්‍යාව සඳහන් කරමින් දොරටුවේ දැන්වීමක් එල්ලන්න (මෙය වැසිකිළි සංඛ්‍යාව සහ ඉඩකඩ අනුව තීරණය වේ).
  • සියලුම අමුත්තන් සහ හෝටල් කාර්ය මණ්ඩලය සඳහා මාස්ක් අනිවාර්ය කළ යුතු අතර, උත්සව ශ්‍රීයට හානි කරන නිල් සර්ජිකල් මාස්ක් වෙනුවට අමුත්තන්ට ඔබේම මෝස්තරයකට අනුව නිමවන ලද මාස්ක් ලබා දීමටද හැකිය. (එය ඔබේ මංගල උත්සවයේ සැරසිලි වලට ගැළපෙන්නටද නිර්මාණය කළ හැක!)

4. ඔබේ කොවිඩ්-19 ආරක්ෂක සැලැස්ම පිළිබඳව සියලුම අමුත්තන් දැනුවත් කරන්න.

නීති සහ රෙගුලාසි ගැන මංගල උත්සව දිනයට පෙරම ආරාධිත සෑම කෙනෙකුම දැනුවත් කරන්න. උත්සවය දින පිවිසුම් දොරටුවෙහි මෙන්ම පරිශ්‍රය තුළදීද සුහදශීලි දැන්වීම් එල්ලන්න. පමණට වඩා මදක් මධුවිත තොල ගෑ අමුත්තෙකු හෝ දෙදෙනෙකු (මත්පැන් භාවිතයට බලධාරීන් අවසර දී ඇති නම්), අප වසංගතයක් මධ්‍යයේ සිටින බව යන කාරණය මුළුමනින්ම අමතක කිරීමට ඉඩ ඇත! සියල්ල ගැන සෙවිල්ලෙන් සිටින්නටද, තත්වයන් පාලනයෙන් නොම ගිලිහෙන්නටද වග බලා ගැනීමට ඔබේ සමීප මිතුරන්ගේ හා පවුලේ අයගේ සහාය ලබා ගන්න.

 ඔබ දෙපළට අපෙන් සුබ පැතුම්!